සිවිල් ගුවන්සේවා අධිකාරී නිලධාරීන් සඳහා පැවැත්වූ දූෂණ නිවාරණ වැඩසටහන

සිවිල් ගුවන්සේවා අධිකාරියේ විශේෂිත මෙහෙයුම් ක්ෂේත්‍රයන්හී පවතින අල්ලස හා දූෂණය වැලැක්වීම ඉලක්ක කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් කටුනායක පිහිටි එම අධිකාරියේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි මස 9 වන දින පවත්වන්නට යෙදුනි.

මෙම සැසිය සඳහා එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ අතර, පවතින ක්‍රමවේදයේ හිදැස් හඳුනා ගනිමින් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරමින් ඔවුන් එහි දී සක්‍රිය ව සහභාගී වූහ. එමෙන් ම, පර්යේෂණ මත පදනම් ව නිර්දේශ ලබා දිය යුතුව ඇති, යල්පැන ගිය රෙගුලාසි හා සාම්ප්‍රදායික පරිචයන් හේතුවෙන් අල්ලස හා දූෂණය සඳහා ක්‍රමවේදවල පවතින පාත්‍රීතාවන් සැසියේ සාකච්ඡා වටයේ දී ඔවුන් හඳුනා ගත්හ.

මීට අමතර ව. වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව ආකෘති පත්‍රය හා එය පිරවීම සම්බන්ධයෙන් ද මෙම සැසියේ දී දීර්ග ලෙස සාකච්ඡා වුණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරී චමෝදි ජයසිංහ මහත්මිය සහ ශිලාමේඝ වැලිතොටගේ මහතා විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසහටහන සඳහා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

68 1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search