2025 ජූලි 5 වන දිනදී දකුණු පළාත් මර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ මාණ්ඩලික හා කාර්යාල නිලධාරීන් 150 කට ආසන්න ප්රමාණයක් සදහා නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිශන් සභාව විසින් දකුණු පළාත් සංවර්ධන පුහුණු ආයතනයේ දේශන ශාලාවේ දී පැවැත්විය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධීපනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවයයන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.















