2025 පස්වන මස තිස් වන දින දී තරුණ සේවා සභාවේ මාණ්ඩලික හා කාර්යාල නිලධාරීන් 100 ආසන්න ප්‍රමාණයක් සඳහා නිවාරණ වැඩසටහනක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් තරුණ සේවා සභාවේ ප්‍රධාන දේශන ශාලාවේ දී පැවැත්විය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ, දූෂණ නිවාරණ නිලධාරිනී චමෝදි ජයසිංහ මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරි සම්පත් ආරච්චිගේ මහත්මයා විසින් සම්පත්දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් නව දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය වැලැක්වීම හා එහි ප්‍රතිවිපාක සම්බන්ධවත්, ඒ පිළිබඳව ඔවුනට පවතින ගැටළු හා සුපිළිපන්නභාවය යන සංකල්පය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.




























