මෙය වැඩසටහන් මාලාවක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නිලධාරීන් සඳහා පවත්වනු ලබන අතර එහි තවත් වැඩසටහනක් 2025 ජුනි 17 දින ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ නිලධාරීන් සඳහා නාවල කාර්යාලයිය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ දූෂණ නිවාරණ නිලධාරි සම්පත් අරච්චිගේ මහතා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුලින් සුපිළිපන්නභාවය යන සංකල්පය, රාජ්‍ය නිලධාරියාගේ කාර්යක්ෂමතාවය ,සඵලදායී බව සහ රාජ්‍ය නිලධාරියාගේ වගකීම, වගවීම පිළිබඳවත්, 2023 අංක 09 දූෂණ විරෝධී පනත පිළිබඳවත්, අල්ලස දූෂණය හා අයතා වත්කම් රැස් කිරීමට අදාළ නව නීතිමය විධිවිධාන හා ඒ සම්බන්ධයෙන් ඔවුනට පවතින ගැටළු පිළිබඳවත් ,අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්යභාරය පිළිබඳවත් දැනුවත් කිරීම සිදු කරන ලදී.














