“සුපිළිපන් දේශයකක් කරා “ යන තේමාව යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය සහ ඒ යටතේ ඇති මාණ්ඩලික නිලධාරීන් දැනුවත් කිරීමේ නිවාරණ වැඩසටහනක් පසුගිය 2025.06.06 වන දින “මඟ නැගුම මහ මැදුර” පරිශ්‍රයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙම වැඩසටහනේ දී 2023 අංක 9 දරන නව දූෂණ විරෝධී පනත සහ එහි නව ප්‍රවණතාවයන්, අල්ලස් හා දූෂණය පිළිබඳවත් , එයින් සමාජය කෙරෙහි පවතින අනිසි ප්‍රතිඵලයන්, දූෂණ සංජානන දර්ශකය, වත්කම් සහ බැරකම් ප්‍රකාශ සහ නිවාරණය තුළින් අල්ලස හා දූෂණය මෙරටින් තුරන් කිරීම තුළින් සුපිළිපන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්නේ කෙසේ ද යන්න ගැනත් සාකච්ඡා වීය.
මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අමාත්‍යංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. කේ පෙරේරා මහතා විසින් වැඩසටහනෙහි අරමුණ පැහැදිලි කරන ලදි. අමාත්‍යංශයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූ මෙම වැඩසටහන සඳහා අල්ලස් හේ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් නිපුනි කෝෂිලා තෙන්නකොන් මෙනවිය සහ ශිලාමේඝ වැලිතොටගේ මහතා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.