අගමැති කාර්යාලයේ නිලධාරීන් සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක වල කාර්ය භාරයකාර්ය සහ අල්ලස දූෂණය වැලැක්වීම පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 05 වන දින අරලියගහ මන්දිරයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 150 ක පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ආර්.එස්.සී දිසානායක මහතා, සහකාර අධ්‍යක්ෂක ජනරාල් තනූජා බණ්ඩාර මෙය, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිදු ධනංජය වීරසිංහ මහතාත්, දූෂණ නිවාරණ නිලධාරි විමුක්ති ජයසූරිය මහත්මියත්, දූෂණ නිවාරණ නිලධාරි උදේශිකා ජයසේකර මහත්මියත් සහය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම, 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් ඇතුලුව අභ්‍යන්තර කටයුතු ඒකක වල කාර්යභාරය සහ විෂය පථය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.