ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් සඳහා අභ්‍යන්තර කටයුතු ඒකක වල කාර්යභාරය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 ජුනි මස 16 වන දිනශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතයේ මාණ්ඩලික නිලධාරීන් 200 ක් පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
මෙම වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභවේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙය, තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස් ජගත් ලියනාරච්චි මහතාත්, දූෂණ නිවාරණ නිලධාරි විමුකිති ජයසූරිය මහත්මියත් සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම, 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නභාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් ඇතුලුව අභ්‍යන්තර කටයුතු ඒකක වල කාර්යභාරය සහ විෂය පථය පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.