අභ්‍යන්තර කටයුතු ඒකක (IAUs) සහ දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීම (AIA) පිලිබඳ වැඩමුළුව

අභ්‍යන්තර කටයුතු ඒකක (IAUs) පිහිටුවීම සහ දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීම (AIA) ඉලක්ක කර ගත් එක් දින වැඩමුළු මාලාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක් ව 2025 මැයි මස 14, 15, 16 සහ 21 යන දිනවල සාර්ථක ව පවත්වන්නට යෙදුනි.

එම වැඩමුළු මාලාවේ පලමු වැඩමුළුව මැයි මස 14 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා රාමඩා හෝටලයේ දී පැවැත්වුනු අතර, එ් සඳහා අමාත්‍යාංශ 24ක අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන් සහ සුපිලිපන්න නිලධාරීන් ඇතුළු නිලධාරීන් 60 දෙනෙක් සහභාගී වූහ. මෙම වැඩමුළු මාලාවේ දෙවන හා තුන්වන වැඩමුළු මැයි මස 15 සහ 16 දිනයන් හී පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා රාමඩා හෝටලයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා දෙපාර්තමේන්තු 44ක අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන් සහ සුපිලිපන්න නිලධාරීන් ඇතුළු නිලධාරීන් 120 දෙනෙක් සහභාගී වූහ. මෙහි අවසාන වැඩමුළුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ පලාත් සභාවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන් සහ සුපිලිපන්න නිලධාරීන් ඇතුළු නිලධාරීන් 113 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් මැයි මස 21 වන දින පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා රැඩිසන් හෝටලයේ දී පැවැත්වුණි.

මෙම සියළු වැඩමුළුවල ආරම්භක දේශනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එස්. ඒ. දිසානායක මැතිතුමන් විසින් පැවැත් වූ අතර දූෂණය තුරන් කිරීම සඳහා ආයතනික වගවීමේ ඇති වැදගත්කම එතුමන් විසින් එහි දී අවධාරණය කරන ලදි. වැඩමුළුවේ පලමු සැසිය, අභන්තර කටයුතු ඒකක පිහිටුවීමේ රාමුව පිලිබඳ ව සහ අධීක්ෂණය කිරීමේ හා ඇගයීමේ ජාතික යාන්ත්‍රණය සමග ඒවා ඒකරේඛීය කිරීම සම්බන්ධයෙන් වූ අතර, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය විසින් ඊට අදාල කරුණු පැහැදිලි කලාය. ඉන් අනතුරු ව, නීතීඥ ජගත් ලියනාරච්චි මහතා විසින් අභන්තර කටයුතු ඒකකවල කාර්යභාරය පිලිබඳවත්, දූෂණ අවදානම් තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පිලිබඳ ව හා දූෂණ අවදානම් තක්සේරු කිරීම මත පදනම් ව ආයතනික ක්‍රියාකාරී සැලැසුම් සකස් කිරීම පිලිබඳවත් සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තරිඳු වීරසිංහ මහතා විසින් ඉන්පසු ව පිරිස දැනුවත් කල අතර, එහි දී ආයතන තුල ආචාර ධර්ම සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු ඒකකවල කාර්යභාරය ඉස්මතු කරමින් ආයතනික සුපිලිපන්නබව සවිමත් කිරීම සම්බන්ධයෙන් පිරිස දැනුවත් කරන ලදි. වැඩමුළුවේ සවස් භාගය තුල වූ සැසිය දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීමේ (AIA) නියමු ව්‍යාපෘතිය ඉලක්ක කර ගනිමින් පැවැත්වුනු අතර එය KPMG ආයතනයේ ජගත් පෙරේරා මහතා විසින් මෙහෙයවන ලදි. මින් අනතුරුව ද, KPMG ආයතනය විසින් දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීමේ නිර්ණායක සහ ස්වයං ඇගයීමේ ක්‍රමවේදය පිලිබඳ ව සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදි. ජනාධිපති ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදු කල මී ළඟ සැසිය, අභ්‍යන්තර කටයුතු ඒකකවලට අදාල ආයතනික ක්‍රියාකාරී සැලැස්ම නිමකිරීම සම්බන්ධයෙන් වූ අතර, දූෂණ විරෝධී විශේඥ ඉන්දික පෙරේරා මහතා සහ KPMG ආයතනයේ සංජීවි බණ්ඩාර මහතා විසින් දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීමට අදාල නිර්ණායක සහ ස්වයං ඇගයීමේ ක්‍රමවේදය පිලිබඳ සැසිය පැවැත්වූහ.

වැඩමුළුවේ අවසන් සැසියේ දී සාකච්ඡාමය සංවාදයක් සඳහා අවස්ථාව සහභාගී වූ පිරිසට සලසා දුන් අතර එහි දී අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට අදාල ප්‍රායෝගික ගැටළු පිලිබඳ ව සහ දූෂණ විරෝධී වැඩසටහන් ඇගයීමේ ක්‍රියාවලියට අදාල ව අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු ලබා දීම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමන් විසින් සිදු කරන ලදි.

දූෂණය සාර්ථක ව පිටුදැකීම සඳහා ආයතනික සුපිලිබන්නබව සහ මාර්ග සිතියම ක්‍රියාවට නැංවීම අවධාරණය කරමින් වැඩමුළුවේ නිමාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනී සිරිවර්ධන මහත්මිය විසින් සනිටුහන් කරන ලදි.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search