ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ නිලධාරීන් සඳහා වන අල්ලස හා දුෂණය පිළිබඳ වන නිවාරණ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගිය මැයි මස 23 වන දින සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහන සඳහා එම ආයතයේ නිලධාරීන් 40ක පමණ ප්‍රමාණයක් සහභාගී වීය.
වැඩසටහන තුළින් අල්ලස , දූෂණය, අයුතු වත්කම් රැස්කිරීම සහ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම ඇතුළුව 2023 අංක 9 දරන දූෂණ විරෝධි පනත පිළිබඳ, අල්ලස හා දූෂණය නිවාරණය, දූෂණ සංජානන දර්ශකය, සුපිළිපන්නබාවය පිළිබඳ සංකල්පය සහ අල්ලස හා දූෂණයෙහි විපාකයන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන ලදි.
මෙම නිවාරණ වැඩසටහන සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ නිවාරණ නිලධාරීන් වන නිපුනි තෙන්නකෝන් මෙනවිය සහ එරංගා මධුෂි කුමාරි මහත්මිය සම්පත්දායකත්වය ලබාදෙන ලදි.













