වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වූ දයා පුෂ්පකුමාර හේවා බැට්ටගේ යන අය දූෂණ චෝදනා මත 2026.05.08 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එකී දූෂණ චෝදනාවන් පහත පරිදි වේ.

  1. තමාට අයිති ඉඩමක් නීති විරෝධී ලෙස ප්‍රාදේශීය සභාවට මිල දී ගැනීමට සලස්වා රුපියල් ලක්ෂ 94 ක මුදලක් ලබාගෙන අයුතු වාසියක් සිදුකරගැනීම
  2. රජයේ ඉඩමක් ප්‍රාදේශීය සභාවට අත්පත් කර ගැනීමට යැයි පවසා නිසි ක්‍රමවේදයෙන් බැහැරව දීමනා පත්‍ර හිමිකරුට රුපියල් ලක්ෂ 40 ක මුදලක් ගෙවීමට කටයුතු කර එකී ඉඩම නීත්‍යනුකූල ලෙස පවරා ගැනීමක් සිදුනොකර ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදුකිරීම හා දීමනා පත්‍රකරුට අයුතු වාසියක් සලසා දීම
  3. ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් වෙත බෙදා දීම සඳහා බව පවසමින් නිසි අනුමැතියකින් තොරව හා නියමිත ක්‍රමවේදයට පරිභාහිරව රු.26,025,650/- ක මුදලක් වියදම් කරමින් අභ්‍යාස පොත් මිල දී ගෙන එම ව්‍යාපෘතිය අතරමඟ නවතා දමමින් ප්‍රාදේශීය සභාවට පාඩු සිදු කිරීම
  4. පුද්ගලික ආයතනයක් විසින් ඉඩම් කොටස් කර විකිණීමක දී පොදු කොටසක් ලෙස වෙන් කර ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන තිබූ පර්චස් 202 ක පමණ වපසරියකින් යුත් ඉඩම තම ඥාතියෙකු වෙත රු.2,000,000/- ක අඩු වටිනාකමකට බැහැර කිරීමෙන් ප්‍රාදේශීය සභාවට පාඩුවක් සිදු කිරීම

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search