නීත්‍යානුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නැමැති වරද සිදු කිරීමේ චෝදනාව මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞෂල්‍යා විජේසිංහ යන අය 2026.04.28 දින පෙ.ව.9.20ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.








