සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) දූෂණ වරද මත අත්අඩංගුවට

කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, නීති නිලධාරී වශයෙන් කටයුතු කරමින් මෙඩි හවුස් නැමැති ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත බදු පදනම ලබා ගැනීමෙන් පසුව, එයට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට බදු ගිවිසුම් 03ක් සකස් කිරීම වෙනුවෙන් එකී ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු යැයි පවසා රු.4,134,887/- ක මුදලක් ඉල්ලා එයින් 2,000,000/- ක මුදලක් ලබාගෙන, ඉතිරි මුදල් ලබාදෙන ලෙස ඉල්ලීම් කර, එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙඩි හවුස් පුද්ගලික සමාගම යන නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කරන ලද චෙක්පතක් මුදල් කර ලබාගනිමින් තුටු පඬුරු ඉල්ලීම හා භාර ගැනීම යන චෝදනාව මත සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරිනියක (විශ්‍රාමික) වූ අහමඩ් රියාසා අහමඩ් යන අය 2026.04.21 දින ප.ව 3.45 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search