අල්ලස් ලබාගත් කම්කරු ක්ෂේත්‍ර නිලධාරියෙකුට වසර 06 බැගින් සිරදඬුවම්

වැල්ලවාය, වීරසේකරගම ප්‍රදේශයේ පදිංචි කුකුල් ගොවිපලක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුගෙන් රු.15,000/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සම්බන්ධව 2009 සැප්තැම්බර් මස 02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද ලිඛිත පැමිණිල්ලකට අනුව, ඉදිරිපත් කරන ලද චෝදනා සම්බන්ධ‌යෙන් කොළඹ මහාධිකරණයේ විභාග කරන ලද නඩුවට අදාලව. වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ, කම්කරු නිලධාරියෙකු වූ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන යන අයට 2026.04.23 වන දින වසර 06ක සිර දඬුවම් නියම කරන ලදි. 

ඉදිරිපත් කළ සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසුව ගරු අධිකරණය විසින් විත්තිකරුට එරෙහි චෝදනා සනාථ වූ බව තීරණය කර ඇති අතර, කොළඹ මහාධිකරණයේ අංක 06 අධිකරණයේ දී 2026.04.23 දින HCB 2116/2015 නඩු අංකය යටතේ අමුදමන ආරච්චිගේ නිමල් රෝහණ සෝමවර්ධන ට එරෙහිව ගෙන ආ චෝදනා තුනම සම්බන්ධයෙන් වරදකරු බවට ගරු මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් තීන්දු කර ඇත. ඒ අනුව, එක් එක් චෝදනාව සඳහා වසර 06 බැගින් සිරදඬුවම් (එකවර ගෙවී යන සේ) සහ එක් එක් චෝදනාවට රු. 5,000/- බැගින් දඩ මුදල් මෙන් ම අල්ලස් ලෙස ලබාගත් රු. 15,000/-ක මුදලට සමානව අමතර දණ්ඩන මුදලක් ද නියම කර ඇත.කොමිෂන් සභාව වෙනුවෙන් සහකාර අධ්‍යක්ෂ ජනරාල් තනූජා බණ්ඩාර මෙනවිය විසින් පැමිණිල්ල මෙහෙයවීම සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search