කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත, බඳවා ගැනීමේ පටිපාටියට පරිභාහිරව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස බලතල අයුතු ලෙස භාවිතා කරමින් කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පමණක් සුළු සේවකයන් 134 දෙනෙකු බඳවා ගැනීමෙන් දූෂණය නැමැති වරද සිදු කිරීම හා විනය නියෝග මත ස්ථාන මාරුවීම් කර තිබූ යාපනය තාක්ෂණ විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකුගේ ස්ථානමාරුවීම අවස්ථා කීපයක දී කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලපෑම් කර අවලංගු කරවීමට කටයුතු කිරීම තුළින් උක්ත අධ්‍යක්ෂවරයාට වාසියක් සිදුකිරීම යන චෝදනා මත නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ඉහල මැදගම ගමගේ පියසේන යන අය 2026.04.20 දින පෙ.ව 10.30 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








