නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු පනතේ 21 වගන්තිය යටතේ සකස් කරන ලද නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී අංක 476/එෆ්, මාගොඩ ග්‍රාම නිලධාරී වසමේ පිහිටි මූලික පිඹුරු අංක නු.2935 හි කැබලි අංක 18 දරණ රජයට අයත් ඉඩම සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම යන චෝදනාව මත නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා 2026.04.07 දින පෙ.ව 09.10ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search