මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 මාර්තු 31 දින ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීම 2026 මාර්තු මස 31 දින පෙරවරු 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.

මෙම නව පද්ධතිය හඳුන්වාදීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ පිහිටුවා තිබූ ශක්තිමත් නීතිමය රාමුව ප්‍රායෝගිකව බලගැන්වීමට වැදගත් පියවරක් තැබූ අතර, එය ශ්‍රී ලංකාවේ දූෂණ මර්දන ක්‍රියාවලියට නවීන තාක්ෂණික අංග, ස්වධීනත්වය සහ වැඩි කාර්යක්ෂමතාවයක් එක් කළ අවස්ථාවකි. මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම මුද්‍රිත පෝරම භාවිතයෙන් අතින් සිදුකළ අතර, නව පද්ධතිය ස්ථාපිත කිරීම එම ක්‍රියාවලිය සම්පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමකි. එය මාර්ගගතව පෝරමයක් සම්පූර්ණ කිරීමක් පමණක් නොව, දත්ත සත්‍යායනය, සාවද්‍ය ප්‍රකාශ හඳුනා ගැනීම සහ අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ අවස්ථාවන් අනාවරණය කිරීම සඳහා විශේෂිත තාක්ෂණික පහසුකම් ද ඇතුළත්ව සකස් කර ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු සහ රජයේ උසස් නිලධාරීන් සහ විදේශීය නියෝජිත ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

news0407 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search