වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය ප්‍රකාශකයන් සදහා විවෘත කිරීම

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමුඛ අවශ්‍යතාවයක් වන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026.03.31 දින
ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කටයුතු සූදානම් කර ඇත.

දූෂණ විරෝධී පනත මගින් ඇති කළ ශක්තිමත් නීතිමය රාමුව ප්‍රායෝගිකව බලගැන්වීමේ එක් සුවිශේෂි තාක්ෂණික අවශ්‍යතාවයක් සපුරාලමින් මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය දියත් කිරීම, ශ්‍රී ලංකාවේ දුෂණ මර්ධන කර්තව්‍යට නවීනත්වය, ස්වධීනත්වය සහ කාර්යක්ෂමත්වය එක් කිරීමකි.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුවූයේ මුද්‍රිත ආකෘතියක් අතින් සම්පූර්ණ කිරීම මගිනි. මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ඇති කිරීම හුදෙක්පෝ රමයක් මාර්ගගතව සම්පූර්ණ කිරීමක් පමණක් නොවන අතර, වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය පූර්ණ ඩිජිටල්කරණයකට ලක් කිරීමකි. සාවද්‍ය ආකාරයට වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම මෙන්ම අසාමාන්‍ය වත්කම් රැස් කිරීමේ තත්වයන් හඳුනා ගැනීම සඳහා සත්‍යායන පහසුකම් ද සලසමින් මෙම පද්ධතිය නිර්මාණය කර ඇත.

ඒ අනුව, 2026.03.31 වන දින පෙ.ව. 10.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ පිහිටි ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික් පද්ධතිය ප්‍රකාශකයන් සඳහා විවෘත කිරීම සිදු වේ.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search