මුදල් විශුද්ධිකරණය සඳහා ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අයථා ලෙස උපයන ලද මුදල්, විශුද්ධිකරණය කිරීමට සහාය ලබා දෙමින් ආධාර අනුබල දීම මත, 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති බවට විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන්, වැල්ලවත්ත, කල්‍යාණි පාර ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙකු වන යූ.ඩී.එම්.සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල යන අය 2026.02.03 වන දින පෙ.ව.6.45ට පමණ ඔහුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search