අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

කොමිෂන් සභාවට ලද තොරතුරක් මත සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළව වෙල්ලාවේලි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන ලද අවිවාහක පොලිස් කොස්තාපල්වරයෙකුට නිවසේ සිට රාජකාරි පැමිණීමට මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අවසරය ලබාගැනීම සඳහා වූ නිර්දේශ ලබාදීමට අදාළ කටයුතු සිදුකරදීමට අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය හා රු.72,000 /- (රුපියල් හැත්තෑ දෙදහස) ක මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන සහකාර පොලිස් අධිකාරිවරයෙකු 2026.01.05 වන දින පෙ.ව. 10.50 ට පමණ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී ද උක්ත විමර්ශනයට අදාළව අවස්ථා කිහිපයක දී ජංගම දුරකථනයක් ඇතුළු ද්‍රව්‍ය අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කරනු ලබන කාන්තා පොලිස් සැරයන්වරයෙකු 2026.01.05 වන දින ප.ව. 3.00 ට පමණ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළ දී ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search