මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු දූෂණය වරද හා පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපල 2022.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේ දී හානියට පත් වූ පසු වන්දි ලබාගැනීමට උපයෝගී කර ගැනීම සඳහා එම දේපල හිටපු මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ යන අයගේ සේවකයකු වන මනෝජ් හේමලාල් ඒකනායක නමින් බලපත්‍රයක් සකස් කිරීම සඳහා තමා යටතේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමණාකරු ඇතුළු එහි නිලධාරීන්ට බලපෑම් සිදුකර, උක්ත ශෂින්ද්‍ර කුමාර රාජපක්ෂ යන අයට ඉහත වන්දි මුදල් ලබාගැනීම සඳහා ආධාර අනුබල කිරීමෙන් 1992 අංක 12 දරණ පොදු දේපල පනතේ 5 (1) වගන්තිය අනුව වරදක් කිරීමට අනුබල දී 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 133 සහ 135 වගන්තිය සමඟ කියවෙන එම පනතේ 111 වගන්තියේ සඳහන් දූෂණය නැමැති වරද සිදු කිරීම මත ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ එවකට අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බණ්ඩාර කොටගම යන අය 12.09 වන දින ප.ව.4.30ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search