පුද්ගලික රක්ෂණ සමාගමක සේවය කළ ප්‍රධාන විධායක නිලධාරි අල්ලස් පිරිනැමීම සහ දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට

Continental Insurance Lanka Limited නැමැති පුද්ගලික රක්ෂන සමාගමට අයුතු සහගත ලාභයක් සලසා ගැනීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න නැමැති නිලධාරියාට රු.6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) අල්ලස් මුදලක් නියම වශයෙන් හෝ අනියම් වශයෙන් ලබාදීමෙන් අල්ලස් ලබාදීම යන වරද සිදුකිරීම සහ රජයේ නිලධාරියෙකු වශයෙන් එම ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂකට දූෂණය නැමැති වරද සිදු කිරීමට අනුබල දීම යන චෝදනාව මත Continental Insurance Lanka Limited ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මයිලන්ආරච්චිගේ දොන් වෙන්සස්ලාවුස් ජෙරල්ඩ් ලාසරස් ගුණදාස යන අය 2025.12.12 වන දින පෙ.ව.9.25ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search