2011 වර්ෂයේ දී ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී සිදු වූ දූෂණය සම්බන්ධව පවරා තිබූ නඩුව ඉල්ලා අස් කර ගැනීම

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් සහ තවත් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා තිබූ උක්ත නඩුවට අදාළ අධිචෝදනාවන්ගෙන් පළමු චූදිත වන, නිඩාඩ් අජිත් ලෙස්ලි කබ්රාල් යන අයට එරෙහිව ඇති අධිචෝදනාවන් දූෂණ විරෝධී පනතේ 67 (1) වගන්තිය ප්‍රකාරව ඉවත් කරගැනීම සම්බන්ධව සලකා බලන ලෙසට පළමු චූදිත විසින් කර තිබූ ඉල්ලීමට අනුව, දූෂණ විරෝධී පනතේ 67 (2) වගන්තිය ප්‍රකාරව වන කරුණු සලකා බැලූ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව දූෂණ විරෝධී පනතේ 67 (3) වගන්තිය ප්‍රකාරව වන පහත සඳහන් කොන්දේසිය මත එම පළමු චූදිතට එරෙහිව වන අධිචෝදනාව අද දින (2025.12.10 දින) ඉල්ලා අස්කරගන්නා ලදි. එම කොන්‌දේසිය නම්,

“මෙම අධිචෝදනාවන් ඉල්ලා අස්කරගන්නා දිනයේ සිට මාස 3ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් මෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු ය”

එම ඉල්ලා අස්කරගැනීමට මහාධිකරණය අවසර දුන් අතර, ඒ අනුව, මාස 3ක කාලසීමාවක් ඇතුළත පළමු චූදිත විසින් රු.1,843,267,595.65 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ ලබා දී ඇති ගිණුමට බැර නොකළහොත් දූෂණ විරෝධී පනතේ 67 (5) වගන්තිය ප්‍රකාරව නැවත ඔහුට අධිචෝදනාවන් ගොණු කිරීමට පියවර ගනු ලැබේ.

එම නඩුවේ අනෙක් චූදිතයන්ට එ‌රෙහිව ඇති අධිචෝදනාවන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 194 (3) වගන්තිය ප්‍රකාරව ඉල්ලා අස්කරගත් අතර, ඒ අනුව, මහාධිකරණය විසින් එම චූදිතයන් නිදහස් කර ඇත.

මෙම නඩුවෙන් චූදිතයන් නිදොස් කොට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිමි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search