ආණ්ඩුවේ රස පරීක්ෂක කාර්යාලයේ සේවය කළ ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න (2025.12.05 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ) නැමැති අයගෙන් නීත්‍යනුකූල නොවන ආකාරයට වාර්තා ලබාගැනීම සඳහා රු.6,415,050.00 (රුපියල් හැටහතර ලක්ෂ පහළොස්දහස් පනහක) අල්ලස් මුදල් පිරිනැමීම තුළින් ඉහත සමාගමට අයුතු ලාභයක් සිදු කර, ඉහත ඩී.එච්.එල්.ඩබ්.ජයමාන්න නැමැත්තා විසින් සිදුකර ඇති දූෂණය නැමැති වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත Continental Insurance Lanka Limited ආයතනයේ නියෝජ්‍ය සභාපති ගනේආරච්චිගේ දේශංකර් චමින්ද ද සිල්වා යන අය 2025.12.09 වන දින ප.ව.3.55ට පමණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .








