අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.12.02 වන දින ප.ව.1.40 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.








