2024 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර ක්‍රියාකාරකම් මත පදනම් වූ පුහුණූවක් ලබා දීමට අදාළව ආයතනයක් තෝරා ගැනීමේ දී JSF Holding යන ආයතනයට අදාළ ලංසුව පිරිනැමීමට අයුතු සහගත ලෙස කටයුතු කිරීම තුළින් අදාළ ආයතනයට රජයේ මුදල් රු.5,301,200 /- (රුපියල් පනස්තුන්ලක්ෂ එක්දහස් දෙසීය)ක් අයුතු සහගතව ලබා දීමට සලස්වා එම මුදලින් රු.4,300,000 /- ක මුදලක් මෙම නඩුවේ පළමු සැකකරු වන ජී.එච්.ඩී.ශාන් යහන්පත් යන අයට අයුතු සහගත ලෙස ලබාගැනීමට සැලැස්වීම තුළින් පොදු දේපල පනත යටතේ වරදක් සිදු කිරීම සඳහා අනුබල දී කුමන්ත්‍රණය කර දූෂණය යන වරද සිදු කිරීමේ චෝදනාව මත ඉහත කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ.එම්.එම්.හිල්මි යන අය 2025.11.25 වන දින පෙ.ව.10.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හිටපු අමාත්‍ය ආර්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක යන අය අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රටට බලපා ඇති ආපදා තත්වය තුල සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව පැහැදිළි කිරීම
දෙසැම්බර් 02 2025
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ.ඒ.එම්.හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 25 2025
හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
නොවැම්බර් 13 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.3,000/-ක (රුපියල් තුන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබල ලබාගැනීම අල්ලස් චෝදනා මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රු.50,000/-ක (රුපියල් පනස් දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 22 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 13 2025








