භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2020.02.11 වන දින ඉදිරිපත් කර ඇති මණ්ඩල පත්‍රිකාවට අදාලව පවත්වා ඇති 2020.02.13 දිනැති 304/15 සහ 2020.02.25 දිනැති 305/02 දරණ කළමණාකරන මණ්ඩල රැස්වීම් වලදී, බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටියෙහි සඳහන් නියමිත ක්‍රමවේදය අනුව බඳවාගන්නා ලෙසට නියෝග ලබාදී තිබියදී, එම නියෝගය ක්‍රියාත්මක නොකර නියමිත ක්‍රමවේදයෙන් බැහැරව නීතිවිරෝධී ලෙස කේ. දුලානි අනුපමා යන අයට කාර්යාංශයට අනුබද්ධ ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගම මගින් පත්වීම් ලිපියක් ලබා දී භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) තනතුර සඳහා අනුයුක්ත කිරීමට කටයුතු කර ආයතනයේ වසරකට වැඩි කාලයක් සේවය කිරීමට අවස්ථාව ලබාදී වැටුප් සහ අනෙකුත් දීමනා ලබාදෙමින් ඇයට වාසියක් ලබාදීම මගින් දූෂණය නැමති වරද සිදුකිරීම සම්බන්ධව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති සහ හිටපු කළමණාකරන මණ්ඩලයේ සභාපති අනුර වල්පොල යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.11.17 දින පෙ.ව. 09.10 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.
නවතම පුවත්
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ, සභාපතිවරයා දූෂණ චෝදනාව මත අත්අඩංගුවට
අප්‍රේල් 09 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොනික වත්කම් හා බැරකම් ප්‍රකාශන පද්ධතිය ප්‍රකාශකයින් සඳහා විවෘත කිරීම
අප්‍රේල් 09 2026
විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු දූෂණ වරදට අත්අඩංගුවට
අප්‍රේල් 06 2026
හඳුනා ගැනීම් හා වැටලීම්
අරක්කු බෝතලයක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනා මත, ධර්මපූරම් පොලිස් ස්ථානයේ , පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අප්‍රේල් 12 2026
රු.45,000/- ක (රුපියල් හතළිස්පන්දහසක) මුදලක් ඉල්ලා, ලබාගැනීමේ අල්ලස් චෝදනාව මත, තැරැව්කරුවෙකු අත්අඩංගුවට
අප්‍රේල් 07 2026








