2021 වර්ෂයේ දී සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමණාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන හතරෙහි සේවකයින් සඳහා වූ සෘජු වෛද්‍ය රක්ෂණයන් රාජ්‍ය සංස්ථාවක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ලබා ගැනීමේ දී කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව එම රක්ෂණයන් ලබාගැනීමට හැකිව තිබිය දී මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස් නැමැති තැරැව්කාර සමාගම ඒ සඳහා මැදිහත් කරගනිමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් නොගෙවිය යුතු රු.4,750,828.72 (රුපියල් හතළිස් හත්ලක්ෂ පනස් දහස් අටසිය විසි අටයි ශත හැත්තෑ දෙක) ක මුදලක් අදාළ තැරැව්කාර සමාගම වෙත ගෙවීමට සලස්වා එයින් එම තැරැව්කාර සමාගමට අයුතු වාසියක් සිදු කිරීම සහ එනයින් ම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4,750,828.72 ක පාඩුවක් සිදු කිරීම තුළින් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය වශයෙන් කටයුතු කළ ප්‍රසන්න රණතුංග යන අය අල්ලස් පනතේ 70 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් 2025.11.12 වන දින පෙ.ව.9.30ට පමණ අත් අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
හිටපු අමාත්‍ය ආර්.එම්.චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක යන අය අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රටට බලපා ඇති ආපදා තත්වය තුල සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව පැහැදිළි කිරීම
දෙසැම්බර් 02 2025
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ.ඒ.එම්.හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 25 2025
හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
නොවැම්බර් 13 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු.3,000/-ක (රුපියල් තුන්දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගැනීම සහ ආධාර අනුබල ලබාගැනීම අල්ලස් චෝදනා මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
දෙසැම්බර් 02 2025
රු.50,000/-ක (රුපියල් පනස් දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 22 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් දෙහිඅත්තකණ්ඩිය බීට්ටු වන නිලධාරියෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 13 2025








