ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාව වෙත, පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00 ක පාඩුවක් සිදුකර දූෂණයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධව එහම සමාගමේ,  හිටපු සභාපතිවරයෙකු වූ කළුවඩන වලව්වේ ලලිත් දවුලගල  කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ රත්නවීර පටබැඳිගේ චන්දන ක්‍රිෂාන්ත  සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර  මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩබලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අයවලුන් 2025.11.04 වන දින ප.ව. 2.30 පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

එසේම, ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමණාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිළදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝමෙට් ෆුඩ්ටෙක් පුද්ගලික ආයතනය වෙත ගෙවිය යුතුව තිබූ රු. 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකර දීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රු. 100,000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුම වෙත බැරකරවා ගැනීම තුළින් තුටු පඩුරක් ඉල්ලීම හා තුටු පඩුර භාරගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත කුරුන්දුව හේවගේ විජිත් පුෂ්පකුමාර (සැපයුම් කළමණාකරු) අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search