හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ ජයම්පති චරිත රත්වත්ත අත්අඩංගුවට

2015 වර්ෂයේ දී අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වශයෙන් කටයුතු කරමින්, සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත මිළදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ ධාන්‍ය වර්ග තාවකාලිකව ගබඩා කිරීම සඳහා භාවිතා කරනු ලබන කොකුන් ගබඩා 50 ක් සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේ දී අනුගමනය කළයුතු නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර චූදිත අය විසින් හඳුන්වාදෙන ලද ආයතනයක් මගින් ආනයනය කර මිළදී ගැනීම සඳහා එම සංස්ථාවේ නිලධාරීන් පෙළඹවීම මඟින් එම සංස්ථාවට, එනම් රජයට රු. 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශවයක් වෙත සලසා දීම යන චෝදනාවට අදාලව හිටුපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ (2015-2018 කාලසීමාවේ දී) ජයම්පති චරිත රත්වත්ත යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.11.04 දින පෙ.ව. 8.25 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search