අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය ඉටු කිරිමට බලපෑම් කිරිමේ චෝදනාව මත පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු අත්අඩංගුවට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුව, කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිට, රජයේ නිලධාරීන් වෙත එම හැඳුනුම්පත ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන්ගේ නිල කාර්යය නිසි ලෙස ඉටු කිරීමේ දී බලපෑම් කිරීමේ චෝදනාව මත පොළොන්නරුව, පුද්ගලික සමාගමක GPS තාක්ෂණික කළමණාකරුවෙකු (GROUP GPS MONITORING MANAGER) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.10.22 වන දින ප.ව.7.21ට පමණ පොළොන්නරුව අරලිය සහල් පුද්ගලික සමාගම ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

ඉහත නම් සඳහන් අය හෝ වෙනත් අයෙකු විසින් මෙවැනි ආකාරයට මෙම කොමිෂන් සභාවේ බව අඟවමින් ව්‍යාජ ලෙස කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පත ඉදිරිපත් කරන බවට හෝ ව්‍යාජ ලේඛන භාවිතා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස හඟවමින් ක්‍රියා කරන බව තහවුරු වන්නේ නම්, ඒ පිළිබඳව කොමිෂන් සභාව වෙත (1954) දැනුම් දෙන මෙන් මහජනතාවගෙන් කොමිෂන් සභාවේ විමර්ශන අංශය විසින් කාරුණික ඉල්ලා සිටියි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search