ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබා නොදීමේ චෝදනාව මත අත්අඩංගුවට

වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව කොමිෂන් සභාවට අවශ්‍ය සහාය ලබා නොදීමේ චෝදනාව මත , 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ වගන්ති 126 සහ 127 (1) (උ) ප්‍රකාරව කොමිෂන් සභාවේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම නොසලකා හැරීම හෝ නොකර හැරීම සහ කොමිෂන් සභාව විසින් විමර්ශන සම්බන්ධව නීත්‍යනුකූලව දෙන විධානයන්ට අනුව සඳහන් කරනු ලබන වේලාවේ දී සහ ස්ථානයේ දී කොමිෂන් සභාව ඉදිරියෙහි පෙනී සිටීම සාධාරණ හේතුවකින් තොරව පැහැර හැරීමට අදාළව ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජේවර්ධන මුදියන්සේලාගේ සමන්ත නාමල් විජේවර්ධන යන අය 2025.10.24 වන දින පෙ.ව.11.40ට පමණ ඇල්ලවැව, ගලෙන්බිඳුණුවැව යන ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search