හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර දූෂණ චෝදනා මත අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායල් රාජ්‍ය අතර වර්ෂ 2023.11.05 දිනැතිව අත්සන් කරන ලද ගිවිසුම ප්‍රකාරව ඊශ්‍රායල් රාජ්‍ය වෙත කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ දී, විදේශ රැකියා හා කම්කරු අමාත්‍යවරයා ලෙස තම බලය අවභාවිතා කරමින්, මෙරට ඊශ්‍රායල් කෘෂිරැකියා සඳහා පිටව යාමට බලාපොරොත්තු වූ තැනැත්තන් හට, එකී අවස්ථාව අහිමි කරමින් තෝරාගත් පිරිසක් සඳහා පමණක් එකී අවස්ථාව සලසා, තමා වෙත සහ එකී තෝරාගත් තැනැත්තන් වෙත වාසියක් සහ තවත් පිරිසකට වැරදි සහගත හෝ නීති විරෝධී අලාභයක් සිදු කිරීම තුළින් දූෂණය වරද සිදු කිරීම යන චෝදනාව මත හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මලිගස්සේ මනුෂ නලින් නානායක්කාර යන අය 2025.10.15 වන දින ප.ව.2.31ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search