කොමිෂන් සභාවට යොමු කරනු ලැබූ පැමිණිල්ලකට අනුව, පැමිණිලිකරුට නිවසක් ලබාගැනීමට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් අනුමත රු.1,000,000/- (රුපියල් ලක්ෂ දහයක) ආධාර මුදලේ පළමු අදියර වශයෙන් ලැබී ඇති රු.150,000/- ක මුදල, පැමිණිලිකරු ලබාගත් අවස්ථාවේ දී නිවාස සංවර්ධන අධිකාරිය මඟින් පැමිණිලිකරුට ආධාර මුදලේ ඉතිරි මුදල ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසා දීමට උදවි කරන බව පවසා රු.25,000/- (රුපියල් විසි පන්දහසක) මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමට අදාළව, 2025.09.15 වන දින අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත් වූ පළවන සැකකරු වන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිවාස නිලධාරී (තාක්ෂණ සහකාර) ගරුසිංහගේ සුරංග ප්‍රසාද් සෝමසිරි යන අයට ආධාර අනුබල දීම යන චෝදනාව මත නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරීයෙකු ලෙස සේවයේ නියුතු ගිරිදරගේ රනිල් නිශාන්ත ජයවර්ධන යන
අය 2025.10.13 වන දින පෙ.ව.11.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
නවතම පුවත්
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට
නොවැම්බර් 04 2025
හඳුනා ගැනීම් හා වැටලීම්
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු. 500,000/-ක අල්ලස් ලබාගැනීමේදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් අයෙක් අත්අඩංගුවට
නොවැම්බර් 03 2025
රු.10,000/-ක (රුපියල් දස දහසක) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට
ඔක්තෝබර් 29 2025








