අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යම් පැමිණිලි ගොනුවක් පවතින අංශය හදුනා ගැනීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් දියත් කරයි

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව, එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහ ජපන් රජයේ සහය ඇතිව පරිවර්තනීය ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලදි.

1007 4

2025.10.07, කොළඹ: ශ්‍රී ලංකාව තුල වූ අල්ලස හා දූෂණයට අදාල කාරණා ආමන්ත්‍රණය කිරීමේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා වූ සුවිශේෂී පියවරක් තබමින්, යම් පැමිණිලි ගොනුවක් පවතින අංශය හඳුනා ගැනීම සඳහා වූ ක්‍රමවේදයක් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සහ එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව, ජපන් රජය විසින් ජපන් අතිරේක අයවැයෙන් (Japanese Supplementary Budget – JSB) ලබා දුන් මූල්‍ය සහය මත දියත් කල අතර, එය, පාලනයේ සුපිලිපන්නබව, විනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් දරන ප්‍රයත්නය ශක්තිමක් කිරීම වෙනුවෙන් තබන ලද විශාල පියවරකි. යම් පැමිණිලි ගොනුවක් පවතින අංශය හඳුනා ගැනීම සඳහා වූ මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය, මේ වන විට ක්‍රියාත්මක වන “දූෂණ විරෝධී ප්‍රතිපත්ති සහයයන් තුලින් ආර්ථික යහපාලනය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය” මත බොහෝ දුරට රඳා පවතියි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පරිශ්‍රයේ පැවති මෙහි සමාරම්භක අවස්ථාවට කොමිෂන් සභාවේ සභාපති, විනිසුරු නීල් ඉද්දවල මැතිතුමා; කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් වන නීතීඥ කේ. බී. රාජපක්ෂ මහතා සහ ජනාධිපති නීතීඥ චේතිය ගුනසේකර මහතා; කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා; ජපන් තානාපති කාර්යාලයේ අමාත්‍ය/නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමොෂිඩා නාඕකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූකි කුබෝටා මෙනවිය සහභාගී වූහ.

යම් පැමිණිලි ගොනුවක් පවතින අංශය හඳුනා ගැනීම සඳහා වූ මෙම ක්‍රමවේදය තුලින්, පැමිණිලි කලමණාකරණය විධිමත් කිරීමත්, කාර්ය ප්‍රවාහය සිදු වීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත්, විමර්ශන කටයුතු විනිවිදභාවයෙන් යුතුව කලට වේලාවට සිදු කිරීමට ඉඩ සැලසීමත් සිදු වේ. මෙම ක්‍රමවේදය ස්ථාපනය කිරීම තුලින් කොමිෂන් සභාවේ ආයතනික ධාරිතාවන් සවිමත් කෙරෙන අතර, එමගින් කොමිෂන් සභාවට එහි ව්‍යවස්ථාපිත වගකීම් ඉටුකිරීමට ඇති හැකියාව ඉහළ නංවයි.

කොමිෂන් සභාව සිය විමර්ශන කටයුතු සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා අනුගමනය කරන ප්‍රවේශය නවීකරණය කිරීම හා විධිමත් කිරීම මෙම පැමිණිලි ගොනු පවතින අංශය හඳුනා ගැනීම සඳහා සහ කාර්ය ප්‍රවාහ කලමනාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයේ මූලික අරමුණයි. එමෙන් ම, පැමිණිලි ගොනු කලමනාකරණය කාර්යක්ෂම ව සිදු කිරීම, කාර්ය ප්‍රවාහය ප්‍රශස්ත වේගයෙන් සිදු කිරීම, වගවීම හා සම්බන්ධීකරණය ඉහළ නැංවීම, පැමිණිල්ලකට අදාල යාවත්කාලීන තත්ත්වය වාර්තා කිරීම පහසු කිරීම යනාදිය මෙහි අනෙකුත් ප්‍රධාන අරමුණු වේ.

මෙම ක්‍රමවේදය කාර්යක්ෂම ව ක්‍රියාත්මක වීම සහ එහි තිරසර පැවැත්ම තහවුරු කිරීම සඳහා ඇ. ඩො. 202,000ක විටිනාකමින් යුත් දෘඩාංග යටිතල පහසුකම් ද ජපන් රජය සහ එක්සත් ජාතීන් ගේ සංවර්ධන වැඩසටහන එක්ව ලබා දෙන ලදි. මීට අමතර ව, මෙම ක්‍රමවේදයෙන් උපරිම ඵල ලබා ගැනීමට කාර්ය මණ්ඩලයට අවශ්‍ය දැනුම ලබා දීම සඳහා ඊට අදාල පුහුණුවීම් ද ඔවුන්ට ලබා දෙන ලදි.

ඩිජිටල්කරණය තුලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා කටයුතුවල ස්වාධීනත්වය, විනිවිදබව මෙන් ම වගවීම ද තහවුරු කරන්නා වූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පාලන න්‍යාපත්‍රය සමග මෙන් ම තිරසර සංවර්ධන අරමුණු සමග ද ඒක රේඛීය වේ.

1007 11007 1

1007 1

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search