නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ 05, මයුර පෙදෙසේ පිහිටි පර්චස් 55.5 ක ඉඩම් කොටසක් තාවකාලික බදු පදනම මත ලබා දීමේ දී නාගරික සංවර්ධන අධිකාරියට රු. 29,519,666.16 ක මුදලක් පාඩුකිරීම තුළින් දූෂණ වරද සිදුකිරීම මත නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල් (මේ වන විට විශ්‍රාම ලබා ඇත) සම්පත් සුමේධ පූජිත රත්නායක සහ නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ (ඉඩම්) හා අභ්‍යන්තර තක්සේරු කමිටුවේ සභාපති (මේ වන විට විශ්‍රාම ලබා ඇත) කොස්වත්ත ලියනගේ වීරවංශ පෙරේරා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.09.11 වන දින පෙ.ව. 9.30 ට පමණ අත්අඩංගුවට ගන්නා ලදි.








