අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සහ පළාත් සභාවල සහයෝගය ඇතිව අභිනවයෙන් පත් වූ පළාත් පාලන සභිකයින් 8,500කට වඩා වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගනිමින් දූෂණ විරෝධී නීතිය හා සුපිළිපන්බව පිළිබඳ දැනුම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහන් මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. අල්ලසින් හා දූෂණයෙන් තොර වූ පළාත් පාලන ආයතන සංස්කෘතියක් නිර්මාණය කිරීම මෙහි ප්‍රමුඛත ම අභිලාෂය වේ.
ඒ අනුව, මෙම වැඩසටහන් මාලාව අගෝස්තු මස සිට දෙසැම්බර් මස දක්වා කාලය තුළ පළාත් හා දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන් 40කට පමණ ආසන්න ප්‍රමාණයකින් යුතුව පැවැත්වීමට නියමිත අතර, එහි පළමු වැඩසටහන බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 28 වන දින පැවැත්වීමට නියමිත ය.








