ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාස භාරව කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , වර්තමාන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ (පාලන) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් රංජන් හියාරේ ගමගේ යන අය, වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03ක් විවෘත කර, එම ගිණුම්වලට, සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලිසියට පැමිණ සේවාවන් ලබාගන්නන්‌ගෙන් හා අනෙකුත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට (රු.14,000,000) ආසන්න මුදලක් ලබාගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.08.14 වන දින අත්අඩංගුවට ගන්නා ලදී.








