හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ - බන්ධනාගාර සෞඛ්‍ය සේවා (වැ.බ) සහ දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) වෛද්‍ය රණසිංහ ආරච්චිගේ නයනජිත් හේමන්ත රණසිංහ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනීම

2024 වර්ෂයේ දී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රු.1,500,000/-( රුපියල් ලක්ෂ පහළොවක් )  ඉල්ලා ඉන් රු.300,000/- (රුපියල් ලක්ෂ තුනක) මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම හේතුවෙන් එවකට හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ - බන්ධනාගාරගත සෞඛ්‍ය සේවා / වැ.බ (අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂ -වැ.බ ලෙස කටයුතු කරන) වෛද්‍ය රණසිංහ ආරච්චිගේ නයනජිත් හේමන්ත රණසිංහ යන අය අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.08.13 වන දින පෙ.ව.7.45ට පමණ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේ දී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search