හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට

මොනරාගල දිස්‍ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂින්ද්‍ර රාජපක්ෂ යන අය 2025.08.06 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ඔහු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපළ 2025.05.09 වන දින ඇති වූ ජනතා අරගලයේ දී හානියට පත්වීමෙන් පසු එකී දේපල සඳහා වන්දි ගෙවීමේ දී එම දේපල ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපළක් බවට හඳුනා ගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිතාකරමින් බලපෑම් සිදු කර, වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමැති වරද සිදුකිරීම, සහ කුමන්ත්‍රණය කිරීම මෙන් ම මෙම දේපළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදුදේපල විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ 5(1) වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් වන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search