කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් වරයෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ත කාර්යාංශයේ නිලධාරීන් සඳහා බාහිර පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් ආයතනයක් තෝරාගැනීමේ දී ඒ සඳහා ඉදිරිපත් වූ ආයතනයක් වෙතින් මුදල් ඉල්ලා සිටීම සහ එම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අයුතු ලෙස මැදිහත්ව කටයුතු කර, එසේ තෝරා ගත් අදාල ආයතනයෙන් රුපියල් ලක්ෂ 43 ක මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාළව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ ගාර්ඩි හේවගේ දොන් ශාන් යහම්පත් ගුණරත්න නැමැති අයෙකු 2025.07.22 වන දින පෙ.ව. 10.00ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search