ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි නොවී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි වූ වාහන සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව ජා-ඇල, උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු 2025.07.03 වන දින පෙ.ව. 11.00 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.