දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කරගෙන යනු ලබන විමර්ශන කටයුතු වලට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ යන අය දූෂණ වරද මත 2025.06.27 වන දින මධ්‍යහ්න 12.18 ට පමණ නාවල ප්‍රදේශයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි .
එකී චෝදනා පහත පරිදි වේ.
- 2014.01.22 වන දින මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ අංක UL319 දරන ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මඟින් රජයට ඇ.ඩො. 4512 ක් පාඩු කිරීම
- 2014.01.26 වන දින මාලදිවයිනේ සිට ලංකාවට පැමිණ ප්‍රංශය බලා පිටව යාමට සිටි මගීන් 75 දෙනෙකු අංක UL563 දරන ගුවන් යානයෙන් පිටත් කර හැරීම මඟින් ඇ.ඩො. 19,160 ක් රජයට පාඩු කිරීම
- 2014.12.19 වන දින කටුනායක 18 කණුව ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රජයේ මුදල් 1,250,000/- වියදම් කිරීම.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.