ලංකා වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති දූෂණ වරද මත අත්අඩංගුවට

ඉල්ලුම් නොකරන ලද ව්‍යාපෘති යෝජනාවක් (Unsolicited Proposal) ලෙස ධීවර වරායවල වැලි කැණීම් කර එකී වැලි ශුද්ධකර දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන යාම සඳහා Seo Woo Co.Ltd නැමැති කොරියානු සමාගමක් යොමුකළ ව්‍යාපෘති වාර්තාවක් සම්බන්ධයෙන් නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර අනුමැතිය ලබා දී අවිධිමත්ව ගිවිසුම්ගතව පසුව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සතුව තිබූ වැලිගොව්වා නැමැති කැණීම් යාත්‍රාව ද එකී සමාගමට අවිධිමත් අන්දමට බදු දීම තුළින් රු. 26,230,498.62ක පාඩුවක් සිදු කිරීමෙන් ‘දූෂණය’ නැමැති වරද සිදු කිරීම යන චෝදනාව යටතේ සිදු වන විමර්ශනවලට අදාළව ලංකා වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වශයෙන් කටයුතු කළ උපාලි ලියනගේ යන අය 2025.06.27 වන දින පෙ.ව 08.50 ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search