හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ සාමාජිකයින් සය දෙනෙකුට මුදල් විශුද්ධිකරණය යටතේ නඩු පැවරේ

හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සය දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ 2025.06.26 වන දින කොළඹ මහාධිකරණයේ දී නඩු පවරන ලදි.

ඒ අනුව,

  1. හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල
  2. කුසුම් ප්‍රියදර්ශනී ඈපා වැයිහේන
  3. චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල
  4. චන්දුලා රමාලි රඹුක්වැල්ල
  5. අමාලි නයනිකා රඹුක්වැල්ල
  6. ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය

යන අයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 112 වගන්තිය සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතේ 3 (1) (ආ) වගන්තිය සහ 3 (2) වගන්තිය ප්‍රකාරව චෝදනා 43ක් යටතේ (පුද්ගලික බැංකුවක ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පුවලට අදාලව රුපියල් ලක්ෂ 946 ක පමණ වටිනාකමකට ආසන්න) අධිචෝදනා ගොණු කර ඇත.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search