අයුතු වත්කම් රැස්කිරීමේ චෝදනාව මත සිදුකෙරෙන විමර්ශනයකට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ සීමාහේවගේ ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අය 2025.06.26 වන දින ප.ව. 1.17 ට පමණ කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සමග කියැවිය යුතු දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය අනුව අල්ලස් මගින් හෝ/සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වැරදි මගින් වත්කම් රැස්කිරීමට අදාලව මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.