ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළ වූ අධිකරණයට ඉදිරිපත් කර ඇති භාණ්ඩයක් වන ට්‍රැක්ටර් රථයක රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ලබාගෙන එම ට්‍රැක්ටර් රථය මුදා හැර දෙන බවට පවසා පැමිණිලිකරුගෙන් රු.610,000/- ක (රුපියල් හයලක්ෂ දහදාහක) මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත, සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව හලාවත දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි, ඇස්කීසි ක්‍රියාත්මක කරනු ලබන නිලධාරියෙකු වන නිශ්ශංක ජීවක කණ්ඩුල සිල්වා යන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් 2025.06.25 වන දින පෙ.ව.10.05 ට පමණ කොමිෂන් සභාවේ දී අත්අඩංගුවට ගන්නා ලදි.