විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගේ විස්තර රැස්කිරීම

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂී සූරසිංහ විජේරත්න විසින් EVD සහ VP SHUNT ශල්‍ය උපකරණ භාවිතයෙන් ස්නායු ශල්‍ය කර්මයන් සිදුකරන ලදුව, එම අයිතම බාහිර ආයතන වලින් ලබාගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුලුව තවත් චෝදනා කිහිපයක් යටතේ විමර්ශන කටයුතු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට සිදුකරමින් පවතී.

එලෙස ශල්‍ය කර්මයන්ට භාජනය වූ අගතියට පත්වූ 77 දෙනෙකුගෙන් පමණ මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති අතර, එලෙස අගතියට පත්වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාල තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කොමිෂන් සභාවේ විමර්ශන අංශය, මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටී.

ක්ෂණික ඇමතුම් - 1954
විද්‍යුත් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search