මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු වන චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයවලුන් 2025.06.19 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
ඉහත චෝදනාව යටතේ රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවය)ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000/- (රුපියල් මිලියන හතලිහ)ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු.20,500,000/- (රුපියල් ලක්ෂ දෙසිය පහ)ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාලව මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යන අතර මෙම විමර්ශනයට අදාලව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා
ඇත.