දිට්වා සුළි කුණාටුවෙන් පැමිණිලිකාරියගේ නිවසට සිදුව ඇති පූර්ණ හානිය වෙනුවෙන් රජය මඟින් ලබා දීමට අනුමත කර ඇති රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් පළමු වාරිකය ලෙස ලබා දෙන ලක්ෂ 20 ක මුදලින් ලක්ෂ 10ක් ද දෙවන හා තෙවන වාරික ලබා දීමේ දී ලක්ෂ 5 බැගින් ද අල්ලස් වශයෙන් ලබා දෙන ලෙස ඉල්ලා 2026.04.10 වන දිනය පළමු වාරිකය ලෙස ලබාදුන් ලක්ෂ 20න් අල්ලස් ලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලක් ඉල්ලා, ලබාගැනීමේ චෝදනාව මත පළමු සැකකරු වන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු වූ වලලියද්ද ගෙදර නිමල් සහ දෙවන සැකකරු වන සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු වූ කෘස් වින්සන්ට් යන අයවලුන් 2026.05.22 දින පිළිවෙළින් ප.ව.2.30ට සහ ප.ව.2.45 ට පමණ මොණරාගල මූලස්ථාන පොලිසියේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.








