රු.100,000/- (රුපියල් ලක්ෂය)ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙකු (වැඩ තහනම්) අත්අඩංගුවට

ආපදා සහන සේවා නිලධාරී ලෙස රාජකාරී කරමින්, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මඟින් වන්දි ලබා දීමේ දී පැමිණිලිකාරිය වෙත ලබා දී ඇති රු.2,000,000/- (රුපියල් ලක්ෂ විස්ස) ක වන්දි මුදලින් කොමිස් වශයෙන් රු.100,000/- (රුපියල් ලක්ෂයක ) මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙකු (වැඩ තහනම්) වූ වීරසිංහ රාජේන්ද්‍ර සුමිත් වීරසිංහ යන අය 2026.05.21 වන දින පෙ.ව. 9.00 ට පමණ සැකකරුගේ නිවසේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

නවතම පුවත්

හඳුනා ගැනීම් හා වැටලීම්

වරදකරු කිරීම්

ජාත්‍යන්තර සබඳතා

ciaboc logo bottom

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව
Silver Best Government Website
Silver Best Sinhala WebsiteMerit Best Tamil Website

අප අමතන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

A 36, මලලසේකර මාවත,
      කොළඹ 07, ශ්‍රී ලංකාව.

T+94 112 596360 / 1954

Search